Powered By Blogger

Friday, December 23, 2011

කපිතාන්


මේක මීට වසර 200කට විතර කලින් එංගලන්තයේ සිද්ද වෙච්ච කතාවක්. එංගලන්ත
නාවික හමුදාවේ හිටියා බොහෝම ප්රසිද්ධ කපිතාන් කෙනෙක්. දවසක් මෙයා එයාගේ
යුධ නැවේ නැව් තට්ටුවට වෙලා විවේක සුවයෙන් පසුවෙන කොට නැවේ දෙවන
නිළධාරියා මෙයා දිහාවට දුවගෙන දුවගෙන ඇවිත් මෙහෙම කෑ ගැහුවා.

"
කපිතාන්තුමනි ප්‍රංශ යුධ නැවක් අපි දිහාට එනවා"

මේක ඇහුව කපිතාන් කලබල උනේ නෑ,බොහෝම සන්සුන්ව මෙහෙම කිව්වා.

"
ගිහින් මගේ රතු පාට කමිසය අරන් එන්න"

දුවලා ගිය නැවේ නිළධාරියා කපිතාන් ගේ රතු පාට කමිසය රැගෙන පසු කපිතාන්
එය ඇද ගත්තා.මොහොතකින් සටන ආරම්භ වුනා. ද්වන්ධ සටනකින් පස්සේ එංගලන්ත යුධ
නැව අති විශිෂ්ඨ ජයක් ලැබුවා.

ජයග්‍රහනය සමරන්න පසුව පවත්වපු සාදයේදී කපිතාන්ට කිට්ටු කරපු නැවේ දෙවන
නිළධාරියා කපිතාන් ගෙන් මෙහෙම ඇහුවා

"
ඇයි කපිතාන් සටනේදී අදින්න රතු පාට කමිසය ගේන්න කිව්වේ?"

කපිතාන් බොහෝම ගාම්භීරව මෙහෙම උත්තර දුන්නා

"
යුද්ධයේදී මම තුවාල වෙලා මගෙන් ලේ ගැලුවොත් බව දකින අපේ සොල්දාදුවෝ
දුර්මුඛ වෙන්න පුලුවනි ඒත් රතු පාට කමිසය ඇන්දාම ඒකෙ පාටත් රතු නිසා
සොල්දාදුවෝ මම තුවාල වූවත් බව දැන ගන්නේ නෑ,එතකොට ඔවුන් දිගටම
ධෛර්යමත්ව සටන් කරයි"

මේ සිද්දියෙන් පස්සේ නැවේ දෙවන නිළධාරියා කපිතාන්ගේ රණ ශූරත්වයත්
ස්ථානෝචිත ප්‍රඥාව ගැන බොහෝම පැහැදුනා. ටික දවසකට පස්සේ නැව් තට්ටුවට
වෙලා කපිතාන් සහ නැවේ දෙවන නිළධාරියා සාකච්ඡා කරමින් සිටි ස්ථානයට දුවගෙන
ආව සෙබලෙක් මෙහෙම කෑ ගැහුවා.

"
කපිතාන්තුමනි... කපිතාන්තුමනි.. ප්‍රංශ යුධ නැව් තිහක් පමන අපි දිහාට එනවා"

මේක අහපු ගමන් නැවේ දෙවන නිළධාරියා පැනපු ගමන් කපිතාන් ගෙන් ඇහුවා

"
කපිතාන් තුමනි රතු පාට කමිසය ගේන්නද?" කියලා.

හොදටම කලබල වෙලා හිටිය කපිතාන් මෙහෙම කෑ ගැහුවා.

"
රතු කමිසේ නෙවේ බොල අරං වරෙන් මගේ කහ පාට කලිසම "

Monday, December 12, 2011

තව ටිකයි හාමිනේ


ඔන්න එකෝමත් එක රටක හරි ලස්සන ගමක් තිබුණා. මිනිස්සු හරි සතුටින් සමාදානෙන් හිටියයි කියමුකෝ. ඕං දවසක් මහ භයානක  යකෙක් මේ ගමට ආපි. හැබැයි මේ යකා ආවට ගියාට මිනිස්සු කෑවෙ නෑ. ඌට කරන්න මොනවහරි වැඩක් දෙන්න ඕනෙ,
 නැත්තං මරනවා.
 ඉතිං ඕං මිනිස්සු යකාට කියල තමතමන්ගෙ හේන් කුඹුරු අස්සද්දගත්ත. කැළෑ කප්පගත්ත, ගේදොර වැඩ කරගත්ත. ටික දවසින් යකා මේ වැඩ සේරම ඉවර කළා. දැං වැඩ ඉවරයි. යකාට දෙන්ඩ තරං වැඩ ගමේ නෑ. ඉතිං යකා මිනිස්සුන්ගෙන් වැඩ ඉල්ලන කොට වැඩක් දුන්නෙ නැත්තං මරාගෙන කනවා.

කොහොමිං කොහොමිං හරි ඕං යකා ගමගෙදරටත් ආපි.

ගමරාළමට කොරන්ඩ වැඩක් දීපං.. නැත්තං මං උඹව කනවා.”
 යකා දත් විළිස්සල කෑගහල කිව්ව. ගමරාළත් හොදටම බය වෙලා ගෙදර තිබුණු පොඩි පොඩි වැඩ ටිකක් දුන්න. යකා මිනිත්තු 10ක් වත් යන්න කලින් වැඩටික අහවර කොලා.

“මට තව වැඩ දීපං නැත්තං මං උඹව කනවා

යකා කෑගහනවා. ගමරාළ හොදටම බය උනා. ගමහාමිනේට කතා කරල කිව්ව,

“අනේ යෝදියෙ මාව මේ යකාගෙන් බේර ගනින්”

“තමුසෙ බය නැතුව ඉන්නවකො. මං යකා ගැන බලාගන්න”
 ගමහාමිනේ කියාපි.

එහෙම කියල ගමහාමිනේ, චීත්තෙ මෑත් කරල තමන්ගෙ අහවල් ප්‍රදේශයෙන් ගලව ගත්තු රෝම කූපයක් දුන්නලු යකාට කෙලිං කරල දෙන්ඩය කියල. දන්නවනෙ ඉතිං ඔය හරියෙ තියන ඒවෑ හැටි.

යකා හරිබරි ගැහිල ගහක් මුල වාඩි උනාලු මයිල කෙලිං කරන්ඩ.

පැයක් ගියා, දෙකක් ගියා. ම්හ්.. යකා නැගිටින පාටක් නෑ..

ගමහාමිනේ දැනගත්තලු යකා ඇම හොදට ගිලල විත්තිය. නෝන්ඩියටත් එක්ක ගමහාමිනේ ඇහුවලු,

“ඈ යකෝ.. වැඩේ ඉවරද”  කියල ..

තව ටිකයි හාමිනේ.. .තව ටිකයි..
යකා හාමිනේගෙ මූණවත් නොබල උත්තර දුන්නලු බොහොම අහිංසක විදියට.

තව ටිකයිතව ටිකයි නෙවෙ යකෝතව එහෙමමයි, කියල හාමිනේ රෙද්ද ඉස්සුවලු.

යකාබුදු අම්මෝ…“ කියාගෙන දිව්වලු යන්ඩ.

යකා නෙවේලු ආයෙ කවාදාවත් වැඩක් ඉල්ලුවේ.