Powered By Blogger

Thursday, January 19, 2012

චූ පාඩම


ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මුත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මුත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ). මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක  ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.

පුතා මුත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ.” ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා පාඩමට ලෑස්ති උනා.

ටොයිලට් එකට මුත්‍රා කරන්න ගියාම මුලින්ම,
  • එක කියලා කලිසමේ සිප් එක අරින්න.
  • දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයි!) එලියට ගන්න.
  • තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
  • හතර කියලා මුත්‍රා කරන්න.
  • පහ කියලා ඉස්සරහට කරන්න.
  • හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
  • හත කියලා සිප් එක වහගන්න.

ඔය විදිහට කරලා බලන්නකෝ”. කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ කරන්න පටන් ගත්තා.

දැන් නම් කොල්ලා කලිසමේ මුත්‍රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක් කොළුවා මුත්‍රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන හිටියා. කොළුවා පාඩම කටින් කිය කියා මුත්‍රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට ඇහෙනවා කොල්ලා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය,

+
+
+
+
+
+
+
+
+
+

තුන-පහ..තුන-පහතුන…….”

Saturday, January 14, 2012

යුශ්මතා


මරදාන ප්‍රදේශයේ පද්ංචිව සිටි මුස්ලිම් ජාතිකයෙක් පොඩි කේස් එකකට හසු වී උසාවි යාමට සිදු විය. උසාවියට පැමින විත්ති කූඩුවට නැගගත් මුස්ලිම් ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරමින් නඩුකාරයා මෙසේ අසන්නට විය
"යුශ්මතා වැරදිකරුද ? නිවැරදිකරුද?"

තමන්ගේ නම ආමන්ත්රනය කිරීමේදී නඩුකාරයට ලොකු වැරදීමක් සිදු වී ඇතැයි සිතූ මුස්ලිම් ජාතිකයා ගත් කටටම මෙසේ කියන්නට වූයේ මුලු සභාවම සිනා සයුරේ ගිල්වමිනි
' මම යුශ්මතා නෙමෙයි ස්වාමිනී, මුස්තාෆා'

Wednesday, January 4, 2012

ආදර ඇඳුම


හැන්දෑවෙ 5 විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ

ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව

….…………නේනෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”

හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා.

මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේලේලි බයෙනුයි..ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු.

ආදර ඇදුම?ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ??????” ප්රශ්න කෝටියයි.

ඔව් අම්මෙ, එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට…..” කියපු ලේලි පොඩ්ඩ,

අනේ අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ,තව ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද?” කියල ආයෙත් අමාරුවෙන් කියගත්තා..

අනේ උඹලගෙ මනමාලකම්, හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියාකියල නැන්දම්ම ගෙදර එන්න ආවලු.

ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු.ගෙදර ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල, ලග තියෙන සුවදම සෙන්ට් කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන,පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදී

ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙද ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම,ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු.

හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන?” මාමන්ඩිය අහපි

අනේ මොනාද අනේ,මේ තමයි මගේ ආදර ඇදුම…”

ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල 
ඉස්තිරික්ක කොරේ නැතෙයි??”  
කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු