Wednesday, June 22, 2011

කතන්දරේ


යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

දෙවියන් වහන්සේ දුටුවෙහිද

නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය

පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද?

මාර්ක් - ඔව්

පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ?

මාර්ක් - නැත

නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද?

මාර්ක් - නැත

නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය.

එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක්

උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා