Powered By Blogger

Monday, August 5, 2013

ඇස්වහ කටවහ


ඉස්සර ගම් වල මිනිස්සු කියනවා කටවහ තියන මිනිස්සුන්ගේ දිවේ ලප තියනවා කියලා.
ගමක හිටියා මිනිස්සු දෙන්නෙක්. උන් දෙන්නා හොඳ යාලුවෝ. එකෙක් කටවහ කාරයෙක්. ඌ මොකක් හරි කිව්වොත් ඉවරයි.

දවසක් වයසක උන්දෑ කෙනෙක් වෙලට ගිහිල්ලා එන ගමන් කටවහ කාරයගේ මූනටම හම්බවුනා.

"හානේ අවුරුදු හැත්තැ ගානක් වෙලත් මේ උන්දෑ ගහක් ගලක් වාගේ ඉන්න හැටි. අනේ.. වාසනාවන් " අරූ කිව්වා.

පහුවදා උදේ බලනකොට අර සීයා මැරිලා.

ආයේ දවසක් ගමේ පාර හදනවා. පාරට බොරලු දාලා ගල් රෝලකින් තලනවා. වැඩකරන කටිය තේ බොන්ඩ වැඩ නවත්තපු වෙලාවේ කටවහ ඩයල් එක එතෙන්ට ආවා.ඇවිල්ලා ගල් රෝලේ ලඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.

"අපේ අම්මේ..... මෙකෙන්නේ මෙච්චර දුරක් මේ බොරලු ගොඩ තැලුවේ ඈ......අනේ...වාසනවන් " .

පාරේ වැඩකරන කට්ටිය තේ බීලා ආයේ වැඩ පටන්ගන්න ආවා. ඒත් මාර කේස් එක. ගල් රෝල ස්ටාර්ට් වෙන්නේම නෑ. එක එක කට්ටිය හදන්න හැදුවා හැදුවා ඒත් හරිගියේ නෑ. ගල් රොලේ හොල්ලගන්ඩවත් විදියක් නෑ. බැරිම තැන වෙන එකක් ගෙනල්ලා වැඩ පටන් ගත්තා.

ඔය සීන් වලින් පස්සේ ගමේ මිනිස්සු කටවහ කාටයගේ මූනට හම්බුවෙන්නත් බයයි. මොකක් හරි කියලා, "අනේ වාසනාවන්" කියල කිව්වොත් එහෙම ඒ මනුස්සය හරි ඒ මනුස්සය කොරන්ඩ යන වැඩේ හරි එතනම නවතිනවා.

කටවහ කාරයගේ යාලුවෙක් හිටිය කියල මුලින්ම කිව්වේ.පොරගෙ නම සුරංග. සුරංග ගමේ හිටපු ගුණපාලයත් එක්ක හෙන ඊරිසියයි. ගුනපාලයට තිබ්බ වතක් .වත්ත පුරා තැඹිලි ගස් හිටවල තිබ්බා. එව්ව්ගෙ තැබිලි ගෙඩි හැදිලා ලස්සනේ බෑ.සුරංගයා හැමදාම ඔය වත්ත ලඟින් යද්දි ඊරිසියාවෙන් පුපුර පුපුර ගියේ. ගුණපාලයගෙ වත්තේ ගස් වල තැඹිලි හැදෙන්න හැදෙන්න සුරංගයගේ ඊරිසියාව තවත් වැඩි උනා. අන්තිමේදි සුරංගයගේ ඊරිසියාව උපරිමේටම නැගගට පස්සේ සුරංගය කල්පනා කලා ගුනපාලයගෙ තැඹිලි වගාවට ගෙමක් දෙන්න ඕන කියලා.සුරංගය ගැහුවා නියම ප්ලැනක්.
ප්ලෑන තමා උගේ කටවහ යාලුවාට තැඹිලි වත්ත පෙන්නලා "ෂා නියම තැබිලි ගස් ටික..අනේ... වාසනාවන් " කියලා කියවගන්න එක. කටවහ කාරයා එහෙම කිව්වනම් පහුවදා වෙද්දිම සුවර් එකට ගස් ඔක්කොම කනාටු වෙලා යනව කියලා සුරංගය දන්නවා.

එක දවසක් සුරංගයා කටවහ කාරයත් එක්ක ගමනක් යනවා. ඔන්න යනකොට දෙන්නා ගුණපාලයගෙ තැඹිලි වත්ත ලඟිනුත් යනවා. සුරංගය හිතුවා මෙක තමා අරූට තැඹිලි වත්ත පෙන්නෙන්ඩ හොඳම වෙලාව කියලා මෙහෙම කිව්වා

"මේ මචන්, උඹ දන්නවද මේ තියෙන්නේ ගුණපාලයගේ තැඹිලි වත්ත . බලපන්කෝ ගස් වල තියන තැඹිලි ඉති ගොඩ"

කටවහ කාරයට පොඩ්ඩක් ඇස් පේනවා අඩුයි. පොරට හරියට සීන් එක පේන්නේ නෑ.

"කෝ සුරංගයෝ මට පෙන්නෙ නෑ නේ එක තැඹිලි ගෙඩියක් වත්" කටවහ කාරය කිව්වා.

එතකොට සුරංගය කිව්වා "බලපන්කෝ හොඳට, මචං ඔය හැම ගහකම හැදිලා තියෙන්නේ සරුසාරෙට" කියලා.

"කෝ... මට තැඹිලි තියා මෙලෝ ගෙඩියක් පෙන්නේ නෑ බං" කටවහ කාරය කිව්වා.

බැරිම තැන සුරංගයා කටවහ කාරයව ඇදගෙන වත්තේ වැට අයිනටම ගිහිල්ලා "අර තියෙන්නේ බං තැඹිලි කියලා " පෙන්නුවා.

ඒ පාර නම් කටවහ කාරය තැඹිලි දැක්කා. ඊට පස්සේ ඌ ඇස් දෙක ලොකු කරන් සුරංගය දිහා බලලා මෙහෙම කිව්වා.

"අච්චර දුර ඉඳන් මේ තැඹිලි ඉති ඔක්කොම උඹට පෙනුනද බං? "

"සුරංගයෝ........."

'උඹේ ඇස් දෙක තමා ඇස්දෙක. අනේ..... වාසනාවන්'


Tuesday, July 16, 2013

තුංඩුව


       දවසක් pharmacyයට එනව තරුණ වයස ගිය, ශාන්ත පෙනුමැති නෝනා කෙනෙක්. කැෂියර් මහත්තය අහනවා,
"මැඩම්ට මොනවද ඕන"


මේ ගෑනු මනුස්සයා බොහොම ශාන්තව කියනවා,
"මට සයනයිඩ් ටිකක් ඕන"


"ඒ මොනවටද මැඩම්???"


"මට මගේ මහත්තයව මරන්න ඕන. කරුනාකරලා මට සයනයිඩ්
ටිකක් දෙන්න"


"ඒක නීතියෙන් තහනම් මැඩම්, අපි දෙන්නටම හිරේ යන්න වෙන්නෙ"


ඒ ගමන මේ ගෑනු මනුස්සයා බෑග් එකෙන් පින්තූරයක් එලියට අරන් පෙන්නනවා. ඒකෙ තියෙන්නෙ මෙයාගෙ මහත්තය පාමසිකාරයගෙ ගෑනි එක්ක නිදාගෙන ඉන්න photo එකක්. ටිකක් බලං ඉදල පාමසි මෑන්ස් කියනව, 


"මැඩම් කලින්ම කිව්වනම් ඉවරයිනෙ
තුංඩුව ගෙනාව කියල"



 පිංතූරෙ
 www.clipartguide.com

Friday, May 17, 2013

වරම

මුහුදු වෙරළක ඇවිද ඇවිද හිටිය මනුස්සයෙක් පොරගෙ කකුලේ වැදුනු ලාම්පුවක් ඇහිදල අර ගත්තා. දන්නවනේ ඉතින් ඔහොම ලාම්පු හම්බුනාම, භුතය ගෙන්න ගන්න පොඩි පිරිමැදිමක් කලා, හිතුව වගේම භුත පොරක් ආව, ඇවිත්
 "මාව නිදහස් කරගත්තට මල්ලිට මම වරමක් දෙනව, බ්ලා බ්ලහ් බ්ලහ් ..මට දැන් මේක ඒපා වෙලා තියෙන්නේ, තමුසේ මේ මාසෙ හතර වැනි පොර, වැඩිය බෑ, එක වරමක් දෙන්නම් හොදට හිහල මතල ඉල්ලනවකො "කියල භුත්ස් කිවුව..
ඉතින් අපේ අර පොර දැන් හොදට හිතනව, මොන මගුලටත් එක වරමයිනේ තියෙන්නේ, ඉතින් අපේ පොර මෙහෙම කියපි,
"පොඩි කාලේ ඉදන් මට හවායි දුපත්වලට යන්න ආසවක් තිබ්බා, එත් උඩින් යන ගමන් වලට මම බයයි, මුහුදු ගමන් ගැන හිතන්නවත් බෑ, ඔහේ පුලුවන්නම් මට පාලමක් හදල දෙන්න, කාර් එකෙ ගිහින් එන්න පුලුවන්නේ.."
මේක අහපු භුතය මහ හයියෙන් හිනා වෙල,

 "මොන භුතයට මනුස්සයො ඔහොම පාලම් හදන්න පුලුවන්? ටිකක් ප්‍රයොගිකව හිතන්නකො, මහ සාගරයක් මැදින් පාලමක් හදන්නේ කොහොමද, කොච්චර කොන්ක්‍රීට්, යකඩ තව අනන්මනන්, හොපෝ ඒකනම් බෑ, වෙන එකක් කියන්න බලන්න.."
ආයිත් ටිකක් වෙලා හිතපු පොර කිවුවලු මෙහෙම
" මම හතර පාරක් දික්කාසද වෙච්ච මනුස්සයෙක්, ඒ හැම ගෑනිම කිවුවේ, මට දේයක් තේරුම් ගන්න බෑ,මම ඒ අයගේ හැගීම් දන්නේ නෑ " කියල, 

මට දෙන්න මෙහෙම වරමක්,
 ගැහැනු උදවිය තේරුම් ගන්න පුලුවන් විධියේ, එයාලගේ හැගිම්, එයාල මොනවද හිතන්නේ වගෙ, ඇයි හිටිය ගමන් කතා නොකර ඉන්නේ, හිටිය ගමන් අඩන්නේ, එයලගෙ තියෙන ප්‍රශ්ණ මොනවගෙද තේරුම් ගන්න පුලුවන් වරමක්, කොටින්ම ගැහැනුන්ව සතුටින් තියන්න පුලුවන් විදියෙ වරමක් දෙන්න,,,,,,,,,,,,,,
භුතය ඇහුවලු,

 "මල්ලිට ඕන ලේන් 2ක් තියෙන පාලමක් ද 4ක් තියෙන එකක්ද..?"

Saturday, May 11, 2013

වඳුරු රාළ

            චුට්ටියට හිටපු කෙල්ලෙක් ටිකක් ලොකු උණාම පොඩි පොඩි වෙනස්කම් වෙන එක සොබාදහමනේ. මේ කතාවේ දැරිවිටත් ඔය සංසිද්ධියට මුහුණ දෙන්න වාසනාව පෑදුනා. පොඩි වෙනසක් ගැන ඉඟියක් දැනුන කෙල්ල අම්මා ළඟට ගිහින් උපදෙස් පැතුවා,

“අම්මේ, මගේ අතන කෙස් ඇවිල්ලානේ?????”

අම්මා සන්සුන් විදිහට ප්‍රශ්නේ විසඳුවා,

” දුවේ, ඔය කෙස් වැවෙන හරියට කියන්නේ වඳුරු රාළ කියලා. මගේ දූ දැන් ආඩම්බර වෙන්න ඕනේ දූගේ වඳුරු රාළ කෙස් වැවෙන තරමට ලොකු වෙලා නිසා…”

කෙල්ලගේ ප්‍රශ්නයි, බයයි, කුතුහලෙයි ඔක්කොම ඉවරයි දැන්. කෙල්ලට ඉවසිල්ලක් නෑ අක්කා ගෙදර එනකම් අළුත් ආරංචිය දෙන්න. ඔන්න ඉතින් රෑ කෑම් වෙලේදි කස්ටියම ඉන්නකොට කෙල්ල අක්කට කිව්වලු වෙච්ච සංවර්ධන ක්‍රියාදාමය ගැන,

“අක්කා දන්නවද, මගේ වඳුරු රාළගේ කෙස් ඇවිල්ලා..”

නංගි සතුටින් උඩ පැන පැන එහෙම කියනකොට අක්කා කිණ්ඩි හිනාවක් දාලා කියනවලු,

“ඕක මොකක්ද හලෝ, මගේ වඳුරු රාළ දැන් කෙසෙල් ගෙඩිත් කනවා”

කෑම මේසේ පුටු පෙරලන් කෙල්ලන්ගේ අම්මා බිම වැටුනලු කලන්තෙට!