Powered By Blogger

Tuesday, July 16, 2013

තුංඩුව


       දවසක් pharmacyයට එනව තරුණ වයස ගිය, ශාන්ත පෙනුමැති නෝනා කෙනෙක්. කැෂියර් මහත්තය අහනවා,
"මැඩම්ට මොනවද ඕන"


මේ ගෑනු මනුස්සයා බොහොම ශාන්තව කියනවා,
"මට සයනයිඩ් ටිකක් ඕන"


"ඒ මොනවටද මැඩම්???"


"මට මගේ මහත්තයව මරන්න ඕන. කරුනාකරලා මට සයනයිඩ්
ටිකක් දෙන්න"


"ඒක නීතියෙන් තහනම් මැඩම්, අපි දෙන්නටම හිරේ යන්න වෙන්නෙ"


ඒ ගමන මේ ගෑනු මනුස්සයා බෑග් එකෙන් පින්තූරයක් එලියට අරන් පෙන්නනවා. ඒකෙ තියෙන්නෙ මෙයාගෙ මහත්තය පාමසිකාරයගෙ ගෑනි එක්ක නිදාගෙන ඉන්න photo එකක්. ටිකක් බලං ඉදල පාමසි මෑන්ස් කියනව, 


"මැඩම් කලින්ම කිව්වනම් ඉවරයිනෙ
තුංඩුව ගෙනාව කියල"



 පිංතූරෙ
 www.clipartguide.com

8 comments:

  1. අහල තියන රස කතාවක්

    ReplyDelete
    Replies
    1. දෙපාරක් ඇහුවත් ගතියක් තියෙනවා නේද

      Delete
  2. ඒකනේ. සයනයිඩ් වලට සල්ලිත් එපා.

    ReplyDelete
    Replies
    1. ඔව්, තුංඩුවට ස්පෙශල් ඔෆර් එකක් තියෙනවා

      Delete
  3. මම නම් කලින් අහල නෑ. බ්ලොග් එකට මම කැමතියි. සරල රසයක් දෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ජීවිතේට සරල දේවල් ලං කර ගන්න එක හොඳයි

      Delete
  4. දැන් මොකද ඉස්සර වගේ කතා ලියන්නේ නැත්තේ ?? පෝස්ට් වැටෙන්නේ හරි අඩුවෙන්නේ

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් වෙලාවට ගෙදර නෑ මචං,
      [කොලඹින් ගොඩක් දුර ඉන්නේ], ඒක තමයි ලොකුම හේතුව.

      Delete