Powered By Blogger

Friday, August 19, 2011

ඇම්ඩාගෙ අයියා


ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා, කොරලා ඇම්ඩාගෙ අයියා ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැඳගත්තා.... හැබයි එයාලට පැණිහඳ ගත කොරන්ට හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ.... දෙන්න කුළුඳුල් මංගල රාත්රිය ගත කොලේ ටයිසන්ලගේ ගෙදරමයි....

මඟුල් දවසට පහුවෙනිදා උදේ ඇම්ඩා කාල බීලා එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා ඇම්ඩාගෙ අම්මගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... අම්මා කිව්වානැහැ තවමකියලා.... ඇම්ඩා කියන්න ලෑස්ති වුනාමං හිතන්නෙ දෙන්න………” එච්චරයි ඌට කියන්න ලැබුනේ.... "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉන්නේ නැතුව" කියල අම්මා ඇම්ඩාව එලෝලා දැම්මා....

දවල් ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා, ඇම්ඩා ආයෙමත් අම්මාගෙන් ඇහුවා "අයියායි අක්කායි නැගිටලද?" කියලා.... අම්මා කිව්වානැහැ තවමකියලා.... “මං හිතන්නෙ දෙන්නා………” කියල ඇම්ඩා ආයෙත් කියන්න ලෑස්ති වුනා විතරයි අම්මා ආයෙත් පාරක් "උඹ හිතන ඒවා මට වැඩක් නැහැ.... කාලා පලයන් පන්තිකියලා ඇම්ඩාව එලෝලා දැම්මා....

අනේ ඉතින් අසරණ අපේ ඇම්ඩා ටියුෂන් පන්ති ඇරිලා ඇවිල්ලා ආයෙත් ඇහුව අම්මාගෙන්.... “අම්මේ දැන්වත් අරුන් දෙන්නා නැගිටලා එලියට ආවදකියලා.... අම්මාගෙ උත්තරේ පරණ එකමයිතාම නැහැ”.... පාර ඔන්න යාන්තම් කියන්න දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩාට....
මං හිතන්නෙ දෙන්නා එලියට එන්න බැරුව ඉන්නවා ඇත්තේ අම්මේකියල කියපි ඇම්ඩා.... අම්මාට මල පැනලා ඇහුව මොකද බොල කියලා....

ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් ටයිසන් අයියා ඇවිල්ලා මගෙන් වැස්ලින් ටියුබ් එක ඉල්ලුවා.... මං කරුවලේ දීලා තියෙන්නෙ සුපර් ග්ලූ එක”.........

No comments:

Post a Comment