Powered By Blogger

Monday, December 12, 2011

තව ටිකයි හාමිනේ


ඔන්න එකෝමත් එක රටක හරි ලස්සන ගමක් තිබුණා. මිනිස්සු හරි සතුටින් සමාදානෙන් හිටියයි කියමුකෝ. ඕං දවසක් මහ භයානක  යකෙක් මේ ගමට ආපි. හැබැයි මේ යකා ආවට ගියාට මිනිස්සු කෑවෙ නෑ. ඌට කරන්න මොනවහරි වැඩක් දෙන්න ඕනෙ,
 නැත්තං මරනවා.
 ඉතිං ඕං මිනිස්සු යකාට කියල තමතමන්ගෙ හේන් කුඹුරු අස්සද්දගත්ත. කැළෑ කප්පගත්ත, ගේදොර වැඩ කරගත්ත. ටික දවසින් යකා මේ වැඩ සේරම ඉවර කළා. දැං වැඩ ඉවරයි. යකාට දෙන්ඩ තරං වැඩ ගමේ නෑ. ඉතිං යකා මිනිස්සුන්ගෙන් වැඩ ඉල්ලන කොට වැඩක් දුන්නෙ නැත්තං මරාගෙන කනවා.

කොහොමිං කොහොමිං හරි ඕං යකා ගමගෙදරටත් ආපි.

ගමරාළමට කොරන්ඩ වැඩක් දීපං.. නැත්තං මං උඹව කනවා.”
 යකා දත් විළිස්සල කෑගහල කිව්ව. ගමරාළත් හොදටම බය වෙලා ගෙදර තිබුණු පොඩි පොඩි වැඩ ටිකක් දුන්න. යකා මිනිත්තු 10ක් වත් යන්න කලින් වැඩටික අහවර කොලා.

“මට තව වැඩ දීපං නැත්තං මං උඹව කනවා

යකා කෑගහනවා. ගමරාළ හොදටම බය උනා. ගමහාමිනේට කතා කරල කිව්ව,

“අනේ යෝදියෙ මාව මේ යකාගෙන් බේර ගනින්”

“තමුසෙ බය නැතුව ඉන්නවකො. මං යකා ගැන බලාගන්න”
 ගමහාමිනේ කියාපි.

එහෙම කියල ගමහාමිනේ, චීත්තෙ මෑත් කරල තමන්ගෙ අහවල් ප්‍රදේශයෙන් ගලව ගත්තු රෝම කූපයක් දුන්නලු යකාට කෙලිං කරල දෙන්ඩය කියල. දන්නවනෙ ඉතිං ඔය හරියෙ තියන ඒවෑ හැටි.

යකා හරිබරි ගැහිල ගහක් මුල වාඩි උනාලු මයිල කෙලිං කරන්ඩ.

පැයක් ගියා, දෙකක් ගියා. ම්හ්.. යකා නැගිටින පාටක් නෑ..

ගමහාමිනේ දැනගත්තලු යකා ඇම හොදට ගිලල විත්තිය. නෝන්ඩියටත් එක්ක ගමහාමිනේ ඇහුවලු,

“ඈ යකෝ.. වැඩේ ඉවරද”  කියල ..

තව ටිකයි හාමිනේ.. .තව ටිකයි..
යකා හාමිනේගෙ මූණවත් නොබල උත්තර දුන්නලු බොහොම අහිංසක විදියට.

තව ටිකයිතව ටිකයි නෙවෙ යකෝතව එහෙමමයි, කියල හාමිනේ රෙද්ද ඉස්සුවලු.

යකාබුදු අම්මෝ…“ කියාගෙන දිව්වලු යන්ඩ.

යකා නෙවේලු ආයෙ කවාදාවත් වැඩක් ඉල්ලුවේ.

5 comments:

  1. හි හි පට්ට බොල :D

    ReplyDelete
  2. අපේ තාත්ත ඔය කතාව පොඩි කලේ කියල දීල තියෙනවා එත් කෙලින් කරන්න දුන්නේ වෙනත් එකක්.මතක ගම හාමිනේගේ කෙස් ගහක්

    ReplyDelete
  3. තාත්තා කතාව කියනකොට ඔය කතාව වැදගත් කරල කියන්න ඇති, ඇත්ත සීන් එක අරක තමයි,
    මට කිව්වෙ යකා.

    ReplyDelete
  4. මේ කතාවෙම තව වර්ෂන් එකක් තියෙනවා ගමරාල කෙනෙක් තමන්ගේ කොණ්ඩෙන් කෙස් ගහක් දුන්නාය කියලත්. පස්සේ උණ ගස් රත් කරලා කෙලින් කරනවා වගේ යකාත් කෙස් ගහ පුච්චලා කෙලින් කරන්න ගියාලු

    ReplyDelete
  5. යකෙක්ටවත් මෙල්ල වෙන්නේ නැති හැඩයි

    ReplyDelete