Powered By Blogger

Saturday, September 24, 2011

"MAKER"


හද්ද කැලේ ගමක පොරක් බල්ලෙක් ඇතිකරා. ටිකක් වටින එකෙක්, අර ජර්මන් ශෙපඩ් කියලා ඉන්නෙ.... ආන්න එයින් එකෙක්. ගමේ විදියටම වැවෙන් නාවන්නේ... කන්න බොන්න දෙන්නෙත් ඉතින් ගමේ ඒවාම තමා....  ඒ කියන්නෙ ඔය ඉතුරු වෙන ඒවාට බත් ටිකක් වැඩිපුර දාල එහෙම, දන්නවනේ.... ගොඩ බෙහෙත් කරන්නේ....හැබැයි මුගේ කොලිටිය වැඩි නිසා නම තිබ්බෙ ඉංග්‍රීසි එකක්. ඒ කියන්නෙ බල්ලගෙ නම  "මේකර්"[MAKER] නගරේ විදියට බල්ලට තිබ්බෙ නම විතරයි.
දවසක් මේ බල්ලගෙ අයිතිකාරයා, බල්ලව නාවලා ඉවුරෙන් තියලා, මිනිහත් නාන්න කියලා වැවට පැන්නා.
බල්ල ඉතින් කීකරු  එකා හින්දා ගැට ගැහුවෙත් නැහැ කොහෙවත්...., මිනිහා වැවේ වතුර ලඟට යනකන් තුවාය පටලවගෙන ගිහින්, එකපාරටම තුවාය විසි කරලා වැවට පැන්න උපන් ඇඳුමෙන්ම.....

මෙන්න මේ වෙලාවෙ තමයි නරි නාටක පටන් ගත්තෙ..... බල්ලා එක පාරටම දුවන්න ගත්ත......බල්ලගෙ අයිතිකාරයත් ගොඩට ඇවිත් තුවාය පටලවගෙන දුවන්න ගත්තා බල්ලගෙ පස්සෙන්, ඇයි දෙයියනේ , මූ වටින කියන බල්ලනේ...... අහල ගම් හතකවත් නැහැ එහෙව් බල්ලෙක්.

ඉතින් බල්ල හොයන්න දුවන මේ මෑන්, මුන ගැහෙන අයගෙන් මෙහෙම අහනවා...  "මේ.... මගේ මේක දැක්කද.....???? මේක දැක්කද........??? "
බල්ලව දන්න අය කියනවා අර පැත්තට ගියා කියල.... නොදන්න උන් කට ඇරගෙන හිනාවෙනවා.... මිනිහත් දුවනවා බල්ලා හොයාගෙන.... බල්ලගෙ සිහියෙන් දුවන නිසාම, අර පටලවගෙන හිටිය තුවායත් එහේ මෙහේ කටු පඳුරක පැටලිලා..... දැන් මිනිහා හෙළුවෙන්ම දුවනවා..... ඒ අතරේ ඉස්සරහට හම්බ උනා ඉස්කෝලෙ ගිහින් එන දරුවො ටිකක්. පොර ළමයින්ගෙන් අහනවා..... " පුතේ... මගේ මේක දැක්කද...?? මේක දැක්කද...?? ".
උඩ ඉඳන් පහලට බලන පොඩි උන් ටික අතින් කට වහගෙන හිනා වෙනවා....පොරටත් තේරුනා මොකක් හරි සංගදියක් වෙලා තමයි කියලා. සැකේට වගේ පහල බලද්දි...... අම්ම්මට සිරි, තුවාය නෑ....
වටපිට බලත්දි දැක්කෙ පොඩි එකෙක්ගෙ අතේ තිබ්බ ගල්ලෑල්ල........ දන්නවනේ.......පොඩි කාලෙ චෝක් කූරෙන් අඳින්නෙ.., වටේට රාමුවක් තියෙන, මැද්දෙ එච්චර හයිය නැති කලු පාට බෝඩ් එකක් තියෙන්නෙ.  මිනිහත් පොඩි එකාගෙන් ගල්ලෑල්ල අරගෙන ඒකෙන් සෙට් එක වහගෙන ආයිත් දුවන්න ගත්තා 'මේක' හොයාගෙන. ඒ අතරේ එහේ මෙහේ වැදිලා ගල්ලෑල්ලෙ මැද කෑල්ල වැටිලා.....
ඊලඟට මිනිහට හම්බ උනේ ආච්චි කෙනෙක්, මිනිහා ආච්චිගෙන් අහනවා මෙහෙම....
ආච්චි...ආච්චි... මගේ මේක දැක්කද? මගේ මේක දැක්කද?
අච්චි බැලුව උඩ ඉඳන් පහලට තුන් හතර සැරයක්....කට කොනකට ලා හිනාවකුත් ඇඳගත්තා....
අර වයසක චොර වොයිස් එකෙන් ඇදලා... පැදලා.....ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා

අනේ පුතේ........ මම මේක නම් ජීවිතේ ඕනවටත් වැඩියෙන් දැකල තියෙනවා.......... හැබැයි රාමු කරපු මේව එකක් දැක්කෙ ජීවිතේ පලවෙනි පාරට…!!

5 comments:

  1. කතන්දරකාරයත් එහෙනම් ආවා කොපි බලන්න.....

    ReplyDelete
  2. බොලා අපිත් එක්ක තරහද මේ වර්ඩ් වෙරි‍ෆිකේෂන් දාලා තියෙන්නෙ?
    henryblogwalker the dude

    ReplyDelete