Powered By Blogger

Saturday, March 24, 2012

වඳුරයි, කිඹුලයි, කටුස්සයි

දිනක් වඳුරෙකුට රා කලයක් හම්බුනේය,ඌ රා කලයෙන් පොඩ්ඩක් ගසා ගහක් උඩට නැග ගල් බමුනෙක් මෙන් සිටින්නට විය. මෙය දුටු කටුස්සෙක් වඳුරා අසලට පැමින මෙසේ අසයි,
"මොකෝ මචං අද නිකන් අමුතු ආතල් එකක් වගේ....."

වඳුරා :  "මචං මාර සිරප් එකක් තියෙනවා ඕනෙනම් උඹටත් ටිකක් දෙන්නම්"

කියා රා කලය කටුස්සාට දුන්නේය, කටුස්සාද දෙකක් නවා ගන්නට විය. එකපාරටම වැදුනු ආතල් එක නිසා කටුස්සාට වතුර තිබහක් ආවේය
" මං වතුර ටිකක් බීලා එන්නම්"  කියූ කටුස්සා විල පැත්තට ගියේය.

කටුස්සා විල ගාවට යනවිට එතන හිටියේ කිඹුලෙකි, වෙනදාට කිඹුලා ඉන්නකොට අහලකටවත් නොයන කටුස්සා එදා චන්ඩියා වගේ කිඹුලා ලඟටම ගියේය. කටුස්සා දුටු කිඹුලාට පුදුම හිතී මෙසේ ඇසුවේය.

"මොකද මචං අද අමුතු ආතල් එකක් වෙනදට අපිව ආශ්‍රය කරන්නෙත් නැහැනේ...."  

කටුස්සා : "අනේ සොර් රි  මච්චා... න් ,   මං දැන් අලුත් මිනිහෙක්..... මේ ඒක නෙමෙයි... මාර ආතල් එකක් තියෙනවා වඳුරා ගාව, උඹත් ඕන්නම් පොඩ්ඩක් ගිහින් ගහපං"

මෙය ඇසූ කිඹුලාද වඳුරා සොයා ගස ලඟට ගියේය.
 ඈත තියාම කිඹුලා එන අයුරු දුටු වඳුරා ඇස් දෙක නැට්ටෙන් පිස දමමින් මෙසේ ඇසුවේය

"අම්මට උඩු,  උඹ ඔච්චර ලොකු වෙනකං වතුර බිව්වද?"

17 comments:

  1. Replies
    1. හිනා වෙන්න... හිනා වෙන්න.....!! එතකොට තර වෙන්නේ....

      Delete
  2. බිවුවම වෙන දේවල්...

    ReplyDelete
  3. හික් හික් අහලා තියෙනවා ඉස්සර....බීමේ විපාක.....

    ReplyDelete
    Replies
    1. බිව්වම තියෙන ජොලිය කොහොමද....

      Delete
  4. යුනිවරන්,
    ඉස්සුවෙ කොහෙන්ද කියලත් දැම්ම නං :-)

    ReplyDelete
    Replies
    1. FB එකේ තිබ්බ ඉමේජ් එකක්..

      Delete
    2. මට යාන්තමට මතක තිබුන අන්තිම පේළියෙ ගියා වගේ, ඒකයි ඇහුවෙ

      Delete
    3. ප්‍රතිපත්තියක් හැටියට අන්තිමපේලියේ ඒවා මම දාන්නෙ නැහැ.

      Delete
  5. කලින් අහපු කතාවක්... ආයේ කියවල බඩ පැලෙන්න හිනා ගියා

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.....

      Delete
  6. එදා හංගපු රා කලේට ඕකයි එහෙනං උනේ ඈ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒකනෙ...බං, මුං එක්ක මුකුත් තියා ගන්න බැහැ.

      Delete
  7. හූනා, කටුස්සා, කිඹුලා තුන් දෙනා කලින් සහෝදරයෝලුනේ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං කිඹුලෙක් කනකොට බේරගත්ත මිනිහෙක්ව උස්සන් යනකොට කිඹුල කිව්වලු, "එක්කන් පලයන්කො කමක් නැහැ ගෙදර මගේ මල්ලි ඉන්නව ඌ ඉතුරු ටික බලාගනී" කියල.
      (කිඹුලා කෑවට පස්සෙ හූනා චූ කරොත් තුවාලෙ ඔඩු දුවල මිනිහ මැරෙනවලු.)

      Delete
    2. @ uwiniran

      අපිත් එක පාරක් කිඹුල්ලු ඉන්න වැවක නාද්දී අපිත් එක්ක නාන්න ආපු නැති මාමා කෙනෙක් උඩ ඉදන් ඔය කතාව කිව්වා. හූනා චූ කළත් මැරෙන නිසා ඉන්න ඇඳ වගේම යන එන තැන්වලට උඩින් වියන් අඳින සීන් එකකුත් එයා කිව්වා

      Delete