Powered By Blogger

Wednesday, March 28, 2012

පාපොච්චාරනය


            
          එක්තරා පූජකයෙක් සිය පව් සමා කර ගන්න කොලඹ අගරදගුරුතුමා ලඟට යාපනයේ වැල්වටිතුරේ ඉඳලා ආවා.මේ පූජකතුමා අගරදගුරුතුමා හමු වෙලා මෙහෙම අහනවා

පූජකතුමා - "මම යුද්දය තියෙන කාලේ මහ පවක් කර ගත්තා.ඒක පාපොච්චාරනය කරලා සමා කර ගන්න ආවේ"

අගරදගුරුතුමා - "මොකක්ද කියමුකො බලන්න"
 
පූජකතුමා - "මීට වසර 5 කලින් කොටි සංවිධානයට බලෙන් අරන් ගිය කෙල්ලේ 3 දෙනෙක් කොටින්ගෙන් පැනලා මගේ පල්ලියට ඇවිල්ලා කිව්වා ගොල්ලන්ව හංගා ගන්න.නැත්නම් කොටින් උන්ව මරයි කියලා.මම ගොල්ලෝ පල්ලියේ හංගාගෙන හිටියා"
 
අගරදගුරුතුමා - "අය්යෝ, ඕක පවක් නෙවෙයි.පිනක්. දෙවියන් වහන්සේ හරිම සංතෝස වෙයි"

පූජකතුමා - "නෑ.මම කෙල්ලෝ හැංගුවේ පල්ලියේ ගබඩා කාමරයේ. කෙල්ලෝ හංගන් ඉන්නකොට,ඒකට ගෙවීමක් වශයෙන් මගෙත් එක්ක ලිංගික ඇසුරක් තියා ගන්න ඕනී කියලා උන්ට කොන්දේසියක් දැම්මා. උන් එක පයින් ඒකට කැමති වුනා. මම උන්ගෙන් අයුතු ප්‍රයෝජන හුඟක් ගත්තා. මම මහ පව් කාරයෙක් ස්වාමීනී"
 
අගරදගුරුතුමා - "නෑ, නෑ හලෝ. තමුසේ ලොකු අවධානමක් ගත්තේ.කොටින්ට අහු වුනා නම් ගොල්ලෝ 4 දෙනාම මැරුම් කනවා. ඔයාව පවා කොටි මරනවා.ඔයා කිසිම පවක් කරලා නෑ. ස්වර්ගෙට යන්න නියම පොයින්ට් එකක්"

මේ පූජකතුමාට හරි සතුටුයි. එතුමා අගරදගුරුතුමාගෙන් ආපහු අහනවා

පූජකතුමා - "මට තව එක හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා"

අගරදගුරුතුමා - "ඔව් මොකක්ද?"

පූජකතුමා - "මම ගොල්ලන්ට කියන්නද දැන් කොටි නෑ, උන්ව මරලා අවුරුදු තුනක්  විතර වෙනව කියලා....."



[ආගමකට අපහාස කිරීමක් නොවේ.. හුදු විනෝදාස්වාදය සඳහා පමනි]

                                (පින්තූරෙ ගූගල්)

7 comments:

  1. ඒ කියන්නේ ගබඩා කාමරේ හිටපු අය තාම දන්නේ නෑ යුද්ධේ ඉවරයි කියලා.. :)

    ReplyDelete
  2. ඒගොල්ලොන්ට ඒවා ගැන කල්පනාවක් නැහැ

    ReplyDelete
  3. ලිංගිල අල්ලස් ගන්න එක අල්ලස් කොමිසමට කියන්න බෑ නේද,,,,,එළ කථාව...

    ReplyDelete
  4. පූජකතුමා කොහේ යන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ :P

    ReplyDelete