Powered By Blogger

Monday, March 21, 2011

මේක කොපියක්

මේක රුපියලකින් ටොපි 4ක් විතර ගන්න පුළුවන් කාලේ වෙච්ච දෙයක්!

එක් කුකුළු ව්‍යාපාරිකයෙකුට විශාල ගොවිපලක් තිබිණ. ඔහුගේ ගොවිපලේ මස් සහ බිත්තර හොඳම ඒවා ලෙස පළාතේම ප්‍රසිද්ධය. ඒ ගැන අතිශයෝක්තියෙන් පුරසාරම් දෙඩීමට පවා ඔහු මැලි වුයේ නැත.

දිනක් ඔහුගේ ගොවිපළට පැමිණි පුද්ගලයකු ඔහු කුකුලන්ට ආහාර සඳහා දෙන්නේ මොනවාදැයි විමසීය.
"මම මුන්ට හොඳම ධාන්‍ය තඹ හට්ටිවල සඳුන් දර දාලා සකස් කරලා එ‍ක එකාට වෙන වෙනම රිදී පින්ගන්වල දාලා තමයි දෙන්නේ"
ව්‍යාපාරිකයා පැවසුවේ උජාරුවෙනි.
"ආ!, එහෙමද? දැනගත්තු එක හොඳයි. මම ආවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්! තමුසෙට කුකුල්ලුන්ටත් ඔය විදියට කන්න දෙන්න සල්ලි කොහෙන්ද? මම අදම තමුසෙට විරුද්ධව නඩු දානවා"
අමුත්තා පිළිතුරු දුනි.
මෙසේ කට නිසා ඔහුට විශාල අලාභයක් සිදුවුණි.

නැවත දිනක තවත් මිනිසෙකු පැමිණ ඉහත ප්‍රශ්නයම ඔහුගෙන් ඇසීය.
පෙර සිදුවීමෙන්
පාඩමක් උගත් ව්‍යාපාරිකයා,
"අපෝ මහත්තයා මම මේ කුකුල්ලුන්ට මුකුත් කන්න දෙන්නේ නැහැ" ඉක්මනින් පැවසුවේය.
"මොනවා, තමුසේ කන්නවත් දෙන්නේ නැතුවද මේ අසරණ සත්තුන්ගෙන් බිත්තරයි මසුයි ගන්නේ! මම *** සත්ත්ව අවිහිංසා සංගමයෙන්, තමුසෙට විරුද්ධව මම අදම නඩු දානවා." මිනිසා පැවසීය.
ව්‍යාපාරිකයාට දෙවන වතාවටත් වැරදින.

නැවත දිනක තවත් මිනිසකු පැමිණ ඔහුගේ මස් සහ බිත්තර වල අනර්ඝ බව කියා ඔහු ඔවුන්ට කෑමට දෙන්නේ මොනවාදැයි ඇසීය.
ව්‍යාපාරිකයා කල්පනාකාරී විය.
"මහත්තයා මම හැමදාම උදේට මුන්ට,එකෙකුට රුපියල ගානේ දෙනවා, හැබැයි උන් ඒකෙන් මොනවා කනවද කියලා මම නම් දන්නේ නැහැ, මහත්තයට දැනගන්න ඕනමනම් උන්ගෙන් අහලා බලන්න"
ව්‍යාපාරිකයා කීය.

3 comments:

  1. මම දාන්නෙ අනුන්ගෙ කතා,

    ReplyDelete
  2. ඔන්න උබේ ඔක් කොම කථා සෙට් එක කියෙව්වා.සමහර කථා මගෙ බ්ලොග් එකෙත් දාල තිබ්බා. මාත් ඒවා එහෙන් මෙහෙන් අහපුවා තමා.. විහිලු කථා සෙට් එකක් එකම තැනකින් කියවන්න ලැබෙන්නෙ කලා තුරකින්,අලුත් ඒවා දාපංදිගටම. 9ට විතර ආවේ දැන් 11ත් පහුවෙලා..

    ජය වේවා !!!!

    ReplyDelete
  3. විහිලු කතා සෙට් එකක් එකම තැනකින් බැලීමට අවස්ථාව ලබාදීම තමයි මගෙත් අරමුන උනේ. ඒක නිසා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ. ඒ වගේම මට කතා නිර්මනය කරන්න බැරි හින්ද අනුන් නිර්මාන කරපු කතන්දර දානවා හුදී ජන හිත සුව පිනිස...
    උඹ මේ පැත්තෙ ආපු එක සතුටක්.

    ReplyDelete