Powered By Blogger

Wednesday, May 4, 2011

බාබර්

නස්-රුදීන්ටත් හිටිය රැවුළ කපන්න බාබර් කෙනක්එත් එදා නම් හිටියෙ පුරුදු බාබර් වෙනුවට මිනිහගෙ ගෝළයා….මේකා රැවුලට වඩා කපන්නෙ කම්මුල.

ඔන්න එක කම්මුලක රැවුල කපන්න ගත්තා..මූණ ටිකක් විතර කැපුණම මිනිහ පුළුන් කෑල්ලක් එතනින් තියලා ලේ ගමන යන්තම් නවත්ත ගත්තා….ඔන්න තව ටිකකින් තව තැනක්!…එතනත් යන්තම් පුළුන් කෑල්ලක් තිබ්බම ශේප්…. ළගට තවත් තැනක්අනේ මන්දාටික වෙලාවක් යනකොට නස්රුදීන්ගෙ එක කම්මුළක් පුළුන් වලින් වැහිල ගියා. එත් නස්රුදීන් නෙමෙයි වචනයක් වත් කිව්වෙ..

ඔන්න ඊළගට බාබර් ගෝළයා අනිත් පැත්තෙ කම්මුලෙත් රැවුළ කපන්න සෙට් වුනා….

හෝව්….හෝව්….”
-”
ඇයි සර්මේ පැත්තෙ කපන්න එපාද..?”

ඕන නෑඕන නෑ..!!……….ඔහේ එක පැත්තක පුළුන් වගාවක් දැම්මනෙ…. මම හිතන් ඉන්නෙ අනිත් පැත්තෙ පුළුන් වෙනුවට බාර්ලි වවන්න….”

No comments:

Post a Comment