Powered By Blogger

Tuesday, May 3, 2011

වෙළෙන්දා


ජීවිකාව පිණිස තාරාවන් මරා ගෙයින් ගෙට ගොස් අලෙවි කරන්නෙකු දිනක තම තාරාවන්ද රැගෙන නිවසකට ගොඩවුණි. නිවසෙහි වාසය කරන්නා විශ්රාමික පොලිස් නිලධාරියෙකි. වෙළෙන්දා බියගන්වා තාරාවෙකු නොමිලේ ඩැහැ ගැනීමට සිතක් පහලවූ ඔහු ...

පොලිස් නි. - "හා... තමුසෙට වෙළෙඳාම් කරන්න ලයිෂමක් එහෙම තියෙනව ?"
වෙළෙන්දා - "ඔවි ..ර්"

කියමින් සිය ලයිෂම පෙන්වීය. පොලිස් නිලධාරියා වෙළෙන්දා අත හුන් එක් තාරාවෙක් රැගෙන තාරාවාගේ ගුදයේ ඇඟිල්ලක් ගසා මුවට ලංකර "මූ අහවල් පලාතේ... අහවල් කැලෙන් අල්ලගත්ත එකෙක්, උඹට කැලේ වෙඩිතියන්න ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔවි ..ර්, ..ර්. නම් මා යි"

කෙසේ හෝ වෙළෙන්දාව හසුකරගැනීමට තාරාවන් සියළු දෙනාවම පෙර පරිදි පිරික්සූ නිලධාරියාගේ කාර්යය සාර්ථක නොවූයේ වෙළෙන්දා අත අදාල සියළු පලාත්හි දඩයම් කිරීමට බලපත් තිබූ නිසායි. වෑයම අසාර්ථකවූ පොලිස් නිලධාරියා

පොලිස් නි. - "තමුසේ කොයි පලාතෙද ඕයි!"

ඇඳසිටි සරම ඉස්සූ වෙළෙන්දා පොලිස් නිලධාරියා ගුදය පා....

වෙළෙන්දා - "හරි එහෙනම් කියන්න බලන්න මම කොයි පලාතෙද කියලා...."

No comments:

Post a Comment