Powered By Blogger

Tuesday, July 16, 2013

තුංඩුව


       දවසක් pharmacyයට එනව තරුණ වයස ගිය, ශාන්ත පෙනුමැති නෝනා කෙනෙක්. කැෂියර් මහත්තය අහනවා,
"මැඩම්ට මොනවද ඕන"


මේ ගෑනු මනුස්සයා බොහොම ශාන්තව කියනවා,
"මට සයනයිඩ් ටිකක් ඕන"


"ඒ මොනවටද මැඩම්???"


"මට මගේ මහත්තයව මරන්න ඕන. කරුනාකරලා මට සයනයිඩ්
ටිකක් දෙන්න"


"ඒක නීතියෙන් තහනම් මැඩම්, අපි දෙන්නටම හිරේ යන්න වෙන්නෙ"


ඒ ගමන මේ ගෑනු මනුස්සයා බෑග් එකෙන් පින්තූරයක් එලියට අරන් පෙන්නනවා. ඒකෙ තියෙන්නෙ මෙයාගෙ මහත්තය පාමසිකාරයගෙ ගෑනි එක්ක නිදාගෙන ඉන්න photo එකක්. ටිකක් බලං ඉදල පාමසි මෑන්ස් කියනව, 


"මැඩම් කලින්ම කිව්වනම් ඉවරයිනෙ
තුංඩුව ගෙනාව කියල"



 පිංතූරෙ
 www.clipartguide.com