Powered By Blogger

Thursday, March 31, 2011

ඇම්ඩන්


ඔන්න ස්කොලෙට පරීක්ෂකල එනව කියල කලින්ම ආරංචියක් ආව
ඇම්ඩන්ලගෙ පංති භාර සර් ඇවිත් පංතියට නිව්ස් එක දුන්න, එක්කම
ඇම්ඩන්ට කීව ඇම්ඩ උඹ පරිස්සමෙන් හිටපන් පැනල දීල වන කරන්නනම් එපා කියල අපේ පොරත් හා සර් කියල හිටිය

ඔන්න 10 - 11 විතර ටයි පොල්ලක් දාල කලු බෑග් එකකුත් අරන් පොරක් පන්තියට ඇඩ්මීට් උනා පොරත් එක්ක පන්තියේ සරුත් පැත්තකින් ඇවිත් වාඩි උනා

ඔන්න පරීක්ෂක වැඩේ පටන් ගත්ත ටික වෙලාවකින්
"
හරි පුතාල කාටද පුලුවන් ලස්සන කතාවක් කියන්න".... පරීක්ෂක කීව අපේ ඇම්ඩ පැනපු ගමන් අත ඉස්සුවා

"
හරි පුතා කියන්න බලන්න".....
පන්තිභාර සර් කලබල උනා පරීක්ෂකට හොරෙන්  වාඩිවෙයන් කියල අතින් කීව
කොහෙද අපේ පොර "සර් ටිකක් ඉන්නකො"..... කියල කතාව පටන් ගත්ත

"
ඔන්න එකෝමත් එක රටක හිටිය හාවෙකුයි හාවියෙකුයි"..... ඇම්ඩ එහෙම පටන් ගද්දි සර් දැන ගත්ත ස්ත්රී ලිංග පුරැෂ ලිංග දෙකක් ගත්තෙ ගම කන්න කියල සර් අයෙත් අතින් ඇම්ඩන් වාඩිවෙයන් කීව

"
සර් ඉන්නකො....." කියල ඇම්ඩ අය පටන්ගත්ත

"
ඉතිං ඔය හාව දවසක් හාවි ලගට කිට්ටු උනා......"

සර්ට හීන් දාඩිය දැම්ම "ඇම්ඩන් වාඩි වෙයන්....." අයෙත් අතින් කීව

"
සර් ඉන්නකො "....." ඔන්න ඔය හාව තව ටිකක් හාවිට කිට්ටු උනා".....

සර්ට දැන් කකුලුත් වෙවුලනව "ඇම්ඩන් වාඩිවෙයන් ".....

ඇම්ඩට මල පැන්න   '"හාව හු... න්න කලින් සර් මෙතන හු.... නෙ'"  කීව

ඔන්න ඉතිං ස්කෝලෙම කාඩ් කුඩු

Wednesday, March 30, 2011

ප්ලේන් එක දැම්ම නැහැ


දේශණ වාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.


පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා... .”

අපට මොකෝ


ජයතිස්ස එක් නිවාඩුවකදී කොළඹින් බොහෝ ඈත පිහිටි තම පියාට අයත් ගොවිපොළට ගියේ දින කීපයක් එහි ගත කිරීමේ අපේක්ෂාවෙනි. එක් උදෑසනක ඔහු තම ගොවිපළේ සිරි නරඹමින් සිටිය දී ගොවිපළේ හරකුන් හට තණ කවමින් සිටි රූමත් තරුණියක දුටුවේය. හේ ඇය දෙස නොතිත් ආශාවෙන් බලා සිටියදී තණ කමින් සිටි වස්සෙක් අසල සිටි වැස්සියක් ළඟට පැන මුහුණට මුහුණ තබා අතුල්ලමින් ලෙව කන්නට විය.
තරුණිය වෙත ළංවන්නට මෙය මාතෘකාවක් කර ගන්නට සිතු ජයතිස්ස තරුණිය දෙස බලා කෑදර සිනාවක් පාමින් මෙසේ කීය.
මටත් හිතෙනවා අර වගෙ කරන්න.’
ඉතින් අපට මොකෝ, මහත්තයලගෙ වැස්සිනෙ.’ තරුණිය වහා පිළිතුරු දුන්නාය.