“ දාල මිනිස්සුව සත්යවාදී කරන්න බෑ රජතුමනි……මිනිස්සුන්ගෙ අධ්යාත්මයයි පිරිසිදු කරන්න ඕන.” දවසක් නස්රුදීන් රජතුමාට පොර ටෝකක් දෙනවා..
“නිකන් දාර්ශනිකය නොවී පලයන් ‘මුල්ලා’ යන්න. හෙට ඉදන් බලපන් මම මිනිස්සු හදන හැටි…” රජතුමා නස්රුදීන්ව මාළිගවෙන් එළව ගත්තා…
කිව්වත් වගේ රජතුමා පහුවදාම රටවැසියන්ට අළුත් නීතියක් දැම්ම…
රටේ අග නුවරට එන්න තියෙන්නෙ පාළමකින්….පාළමේ මෙහා පැත්තෙ ඉන්න රාජ භටයො ඇතුළට එන අයගෙන් ප්රශ්නයක් අහනව… ඇත්ත කියන එවුන්ට විතරක් ඇතුලට එන්න පුළුවන්.. අනිත් එවුන් වහාම එතනම තියෙන එල්ලුම් ගහේ එල්ලල මරණවා……(මැද පෙරදිග පැත්තෙ නීති ටිකක් සැරයිනේ..)
ඔය විදිහට සමහර මිනිස්සු තම තමන්ගෙ රැකියා වලට යහතින් නගරෙට ගියා…සමහරුන්ට එල්ලිලා මැරෙන්නත් වුනා….
එක දවසක් නස්-රුදීනුත් හිමි හිමීන් පාළම දිගේ එනව..රජ වාසළ පැත්තෙ යන්න. නීතිය ඉතින් කාටත් එකයිනෙ….රාජ භටයො නස්රුදීන්ගෙනුත් කඩයිම් ප්රශ්නයක් ඇහුවා….
“නස්-රුදීන්…පේනවනෙ එල්ලුම් ගහ…ඇත්තම කියනව…තමුසෙ මේ කොහෙද යන්නෙ…?”
-”මම යන්නෙද…මම යන්නෙ මේ….එල්ලුම් ගහට….”
“මොනව…තමුසෙ කියන්නෙ බොරු…!”
-”බොරු නම් ඉතින් මාව එල්ලාපල්ලා..”
නස්-රුදීන් සැරෙන් වගේ කිව්වා….
රාජ භටයත් නිකට කහ කහ කල්පනාව….
අන්තිමේදි..
“නස්-රුදීන්….තමුසෙ කියන්නෙ නම් බොරුවක් තමයි….ඒත් මම තමුසෙව එල්ලුවොත් තමුසෙ කියපු එක ඇත්තක් වෙනව…..! යනව යනව…තමුසෙට ඕන තැනකට යනව….” නස්රුදීන්ට අවසර හම්බ වුනා…
“ඕකනෙ රජ්තුමා කියන්නෙ..නීති වලින්ම මිනිස්සු හදන්න බෑ කියල…..” රජ වාසළට කිය නස්-රුදීන් රජ තුමාට කිව්වා……
No comments:
Post a Comment